2 ලේකම්

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36


පරිච්ඡේදය 27

යෝතාම් විසිපස් අවුරුදු වයසේදී රජවී, යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙරූෂාය, ඈ ශාදොක්ගේ දුවෙක්ය.
2 තමාගේ පියවූ උස්සියා කළ සියල්ල ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය. නුමුත් ඔහු ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වුණේ නැත. ඒ කාලයෙහිත් සෙනඟ දුෂ්ටකම් කළෝය.
3 ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුවද ඕපෙල් පවුරේ බොහෝ තැන්ද ගොඩනැඟුවේය.
4 යුදා කඳු රටෙහි නුවරවල්ද මූකළාන්වල බලකොටුද මුරකොටුද ඔහු ගොඩනැඟුවේය.
5 ඔහු අම්මොන් පුත්‍රයන්ගේ රජුට විරුද්ධව යුද්ධකොට ඔවුන්ගෙන් ජයගත්තේය. අම්මොන් පුත්‍රයෝ ඒ අවුරුද්දේ රිදී තලෙන්ත සියයක්ද තිරිඟු කෝර. දසදහසක්ද යව දසදහසක්ද ඔහුට දුන්නේය. දෙවෙනි තුන්වෙනි අවුරුදුවලදීත් අම්මොන් පුත්‍රයෝ එසේම ගෙවුවෝය.
6 මෙසේ යෝතාම් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හරි මාර්ගවල හැසුරුණ බැවින් බලවත් විය.
7 යෝතාම්ගේ අනික් ක්‍රියාද සියලු යුද්ධද ඔහුගේ මාර්ගද ඉශ්‍රායෙල් සහ යුදා රජුන්ගේ පොතෙහි ලියා තිබේ.
8 ඔහු විසිපස් අවුරුදු වයසේදී රජවී යෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම්කෙළේය.
9 යෝතාම් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත් කරනලද්දේය. ඔහුගේ පුත්‍රවූ ආහාස් ඔහු වෙනුවට රජවිය.