මගපෙන්වීම


  • නුඹේ එළු බැටළු රැළවල අන්දම හොඳට දැනගන්න; නුඹේ ගැව රැළවලට සිත යොමුකරන්න.
    හිතෝපදේශ 27:23
  • මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මමම මාගේ බැටළුවන් ගැන විභාගකර, උන් බලාගන්නෙමි.
    එසකියෙල් 34:11
  • නැවතත් දෙවෙනි වරක්: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ප්‍රේමකරනවාදැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු: එසේය, ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේද: මාගේ බැටළුවන් පාලනයකරන්නැයි ඔහුට කීසේක.
    ශු. යොහන් 21:16
  • මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය. එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.
    1 කොරින්ති 3:6, 7
  • මට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහ පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්තිවාරමක් දැමීමි; වෙන කෙනෙක් ඒ පිට ගොඩනගයි. නුමුත් එකිනෙකා ඒ පිට ගොඩනගන්නේ කෙසේදැයි බලාගනීවා.
    1 කොරින්ති 3:10
  • අපි නුඹලාට ආත්මික දේ වපුළෙමු නම්, නුඹලාගේ මාංසික දේ කැපීම මහත් දෙයක්ද?
    1 කොරින්ති 9:11
  • නුමුත් මේක කියමි: මසුරුලෙස වපුරන්නා මසුරුලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය.
    2 කොරින්ති 9:6
  • බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි නුඹ මාගෙන් ඇසූ දේම වෙන අයටත් උගන්වන්ට සමර්ථවූ විශ්වාසවූ මනුෂ්‍යයන්ට භාරදෙන්න.
    2 තිමෝති 2:2
  • නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,
    1 පේතෘස් 5:2