නිර්මාණය-පරිණාමය


  • පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.
    උත්පත්ති 1:1
  • දෙවියන්වහන්සේ: ජලය වනාහි එහි හැසිරෙන ජීවමාන සත්වයන් බොහෝකොට හටගන්වාවා, පක්ෂීහු පොළොවට උඩින් ආකාශ කුක්ෂියෙහි පියාසරකෙරෙත්වායි කීසේක.
    උත්පත්ති 1:20
  • තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ගලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක.
    උත්පත්ති 1:21
  • දෙවියන්වහන්සේ: පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් ඒ ඒ වර්ග ලෙස හටගන්වාවයි කීසේක. ඒ එසේ විය.
    උත්පත්ති 1:24
  • තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.
    උත්පත්ති 1:26
  • දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
    උත්පත්ති 1:27
  • ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක්2:7 එනම්, සත්වයෙක්. විය.
    උත්පත්ති 2:7
  • කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත් දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.
    නික්මයාම 20:11
  • එහෙත් මෘගයන්ගෙන් අසන්න, උන් ඔබට උගන්වනවා ඇත; අහසේ පක්ෂීන්ගෙන් අසන්න, උන්ද ඔබට දන්වනවා ඇත. නොහොත් පොළොවට කථාකරන්න, එවිට ඒක ඔබට උගන්වනවා ඇත; මුහුදේ මත්ස්‍යයන් ඔබට කියාදෙනවා ඇත; ස්වාමීන්වහන්සේගේ අත මෙය කළ බව මේ සියල්ලෙන් දැන නොගන්නේ කවුද?
    යෝබ් 12:7-9
  • දෙවියන්වහන්සේ ස්වකීය හඬින් පුදුමලෙස ගර්ජනාකරනසේක. අප නොදන්න මහත් දේ කරනසේක.
    යෝබ් 37:5
  • බෙහමොත්. බලන්න, ඔබ මෙන් ඌත් සෑදුවෙමි; ඌ ගොනෙකු මෙන් තණකොළ කයි. උගේ තුනටියෙහි තිබෙන උගේ ශක්තියත් උගේ බඩේ මස්ගොබවල තිබෙන උගේ බලයත් කල්පනාකරන්න. ඌ උගේ වල්ගය කිහිරි ගසක් මෙන් වනන්නේය; උගේ කළවාවල නහර එකට ගෙතී තිබේ. උගේ ඇට පිත්තල වැනිය; උගේ ඉළඇට යකඩ පොලු වාගේය.
    යෝබ් 40:15-18
  • උතුරත් දකුණත් මැවුවේ ඔබය. තාබොර් සහ හෙර්මොන් ඔබගේ නාමය කෙරෙහි ප්‍රීතිවෙති.
    ගීතාවලිය 89:12
  • කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය.
    ගීතාවලිය 90:2
  • ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති; ඔබ පොළෝතලය අලුත් කරනසේක.
    ගීතාවලිය 104:30
  • ඒ සියල්ලෝ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ අණකළ සේක, එවිට ඒවා මවනලද්දේය.
    ගීතාවලිය 148:5
  • ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
    යෙසායා 42:5
  • එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ තැනන්වහන්සේ වෙමි; මම මේ සියල්ල සිදු කරන ස්වාමීන්වහන්සේයයි කියනසේක.
    යෙසායා 45:7
  • පොළොව සාදා ඊ පිට මනුෂ්‍යයා මැවුවේ මමය. මා විසින්, එසේය, මාගේ අත්වලින් අහස විදහනලද්දේය, මම එහි මුළු සේනාවට නියමකෙළෙමි.
    යෙසායා 45:12
  • මක්නිසාද ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.
    යෙසායා 45:18
  • මක්නිසාද, බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත.
    යෙසායා 65:17
  • අප සියල්ලන්ට ඇත්තේ එක පියා නොවේද? අප මැවුවේ එක දෙවියන්වහන්සේ නොවේද? අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලසන හැටයට අපි එකිනෙකාට විරුද්ධව මක්නිසා ද්‍රෝහිකම්කරමුද?
    මලාකි 2:10
  • නුමුත් මැවීමේ පටන්ගැන්මේ සිට උන්වහන්සේ පුරුෂයෙකු හා ස්ත්‍රියෙකු වශයෙන් ඔවුන් මැවූසේක.
    ශු. මාර්ක් 10:6
  • මක්නිසාද දෙවියන්වහන්සේ මැවූ මැවිල්ලේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ මතු සිදු නොවන්නාවූ ආකාර පීඩා ඒ දවස්වලදී පැමිණෙන්නේය.
    ශු. මාර්ක් 13:19
  • උන්වහන්සේ කරණකොටගෙන සියල්ල සාදනලද්දේය; සාදනලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදනු නොලද්දේය.
    ශු. යොහන් 1:3
  • මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන්වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන්වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය; එබැවින් ඔව්හු නිරුත්තරව සිටිති. මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ ඇඳිනගනත් උන්වහන්සේට දෙවියන්වහන්සේ මෙන් ගෞරවයවත් ස්තුතිවත් නොකොට, තමුන්ගේ විතර්කවලින් නිරර්ථක බවට පැමුණුණෝය, ඔවුන්ගේ අඥාන සිත්ද අඳුරුවිය. තුමූම ප්‍රඥාවන්තයෝයයි කියමින් ඔව්හු අඥානයෝව, ජරාවට නොපැමිණෙන්නාවූ දෙවියන්වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නාවූ මනුෂ්‍යයාගේද පක්ෂීන් හා සිවුපාවුන්ගේද බඩගායන ජාතීන්ගේද රූපවලට සමානවෙන ලෙස මාරුකළෝය. එබැවින් ඔවුන් තම තමුන්ගේ සිත්වල තෘෂ්ණා කරණකොටගෙන තමුන්ගේ ශරීරවලට අවමාන්නකරගන්න හැටියට දෙවියන්වහන්සේ ඔවුන් අපවිත්‍රකමට පාවාදුන්සේක. එසේ කළේ ඔවුන් දෙවියන්වහන්සේගේ සත්‍යය බොරුවකට මාරුකර, මැවුම්කාරයාණන්වහන්සේට නොව මැවිල්ලට නමස්කාරකමින් මෙහෙකළ නිසාය. උන්වහන්සේ සදාකල්හිම ප්‍රශංසනීයව සිටිනසේක. ආමෙන්.
    රෝම 1:20-25
  • මක්නිසාද මැවිල්ල දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි. මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ තැනන්වහන්සේ නිසාය. මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව.
    රෝම 8:19-22
  • තවද පුරුෂයා ස්ත්‍රිය නිසා නොව ස්ත්‍රිය පුරුෂයා නිසා මවනලද්දීය.
    1 කොරින්ති 11:9
  • මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළසේක. ්වයට අන්‍යයන්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට විදේශීන්ව, ලෝකයෙහි බලාපොරොත්තුවක් නැතුව, දෙවියන්වහන්සෙත් නැතුව සිටිය බව සිහිකරන්න.
    එපීස 2:10
  • මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය; සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ;
    කොලොස්සි 1:16
  • ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.
    කොලොස්සි 2:8
  • අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය.
    කොලොස්සි 3:10
  • සැබෑව දැනගන සිටින ඇදහිලිවන්තයන් විසින් ස්තුතිදීමෙන් පිළිගන්නා පිණිස දෙවියන්වහන්සේ මැවූ කෑමවලින් වැලකීමට අණකරන්නාවූ මිනිසුන්ගේ වංකකම කරණකොටගෙනය.
    1 තිමෝති 4:3
  • නැවතද: ස්වාමිනි, පටන්ගැන්මේදී ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක, ස්වර්ගවල් ඔබගේ හස්තකර්ම වෙති.
    හෙබ්රෙනව් 1:10
  • ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය. එයින්, වැඩිමහල්ලන්ට සාක්ෂි ලැබුණේය. දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ, දකින දේවල් පෙනෙන දේ වලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම්ගනිමුව.
    හෙබ්රෙනව් 11:1-3
  • අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ: පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගන්න. මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය කරණකොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධකරනලද්දාවූ, වතුර මධ්‍යයෙහිවූ පොළොවක්ද තිබුණු බවත්, ඒ කරණකොටගෙන එකලට තිබුණු ලෝකය ජලගැල්මට යටවී විනාශවූ බවත් ඔව්හු කැමැත්තෙන්ම මතකනැතිකරති.
    2 පේතෘස් 3:3-6
  • තවද ලවොදිකයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:
    එළිදරව් 3:14
  • අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.
    එළිදරව් 4:11
  • සදාකාලේටම ජීවත්වන්නාවූ, ස්වර්ගයත් එහි තිබෙන දේත් පොළොවත් එහි තිබෙන දේත්, මුහුදත් එහි තිබෙන දේත් මැවුවාවූ තැනන්වහන්සේ ගැන දිවුරනුයේ, තවත් කල් නැත කියාද,
    එළිදරව් 10:6
  • පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි; ඔහු මහත් ශබ්දයකින් කථාකරමින්: දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනන්වහන්සේට නමස්කාරකරන්නැයි කීය.
    එළිදරව් 14:6-7