නිර්භීතකම සහ අව්යාජත්ව


  • රජුන් ඉදිරියෙහිත් ඔබගේ ශික්ෂා ගැන ලජ්ජා නොවී කථාකරන්නෙමි.
    ගීතාවලිය 119:46
  • මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.
    හිතෝපදේශ 29:25
  • සියොනට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ උස් කන්දට නගින්න; යෙරුසලමට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ හයියෙන් හඬගසන්න. භය නැතුව හඬනගා: මෙන්න, නුඹලාගේ දෙවියන්වහන්සේයයි යූදා නුවරවලට කියන්න.
    යෙසායා 40:9
  • විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.
    යෙසායා 50:4
  • නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න.
    යෙරෙමියා 1:7
  • නුඹේ නළල ගිනිගලට වඩා තදවූ විදුරක් මෙන් කෙළෙමි. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ට භය නොවන්න, ඔවුන්ගේ රවාබැල්මට නොකැලඹෙන්නැයි මට කීසේක.
    එසකියෙල් 3:9
  • නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය. මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
    ශු. මතෙව් 5:14-16
  • එසේ හෙයින් මේ කාමමිථ්‍යාචාරිකවූ පාපිෂ්ඨවූ පරම්පරාවේදී යමෙක් මා ගැනත් මාගේ වචන ගැනත් ලජ්ජාවන්නේද, මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්ගේ තේජසින් ශුද්ධ දේවදූතයන් සමඟ එන කල, උන්වහන්සේ ඔහු ගැනත් ලජ්ජාවෙනවාඇතැයි කීසේක.
    ශු. මාර්ක් 8:38
  • නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.
    ක්රිරයා 1:8
  • එවිට ඔව්හු පේතෘස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක, ඔවුන් අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන් බව දැන මවිතවූවෝය; ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටි බව ඔව්හු ඇඳින්නෝය.
    ක්රිරයා 4:13
  • පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.
    ක්රිරයා 5:29
  • මක්නිසාද මම ශුභාරංචිය ගැන ලජ්ජා නොවෙමි. අදහන්නාවූ සියල්ලන්ටම, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, ගැළවීම පිණිස එය දෙවියන්වහන්සේගේ බලයව තිබෙන නිසාය.
    රෝම 1:16
  • යම් ශුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම ලැබ සිටිම්ද, ඒ ශුභාරංචියේ රහස දැන්වීමට භය නැතුව මාගේ මුඛය අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත්, මා විසින් කථාකරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන භය නැතුව කථාකරන පිණිසත්, සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න.
    එපීස 6:19, 20
  • නුමුත් ශුභාරංචිය භාරගැනීමට අපි සුදුස්සෝයයි දෙවියන්වහන්සේ අප ඒත්තුගත් ප්‍රකාරයටම, මනුෂ්‍යයන් නොව අපේ සිත් විමසන දෙවියන්වහන්සේව සතුටුකරන ලෙස කථාකරමුව.
    1 තෙසලෝනික 2:4
  • එබැවින් අපගේ ස්වාමීන්වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක් වන මා ගැනවත් ලජ්ජා නොවී, දෙවියන්වහන්සේගේ බලයේ ප්‍රකාරයට ශුභාරංචිය නිසා මා සමඟ දුක් විඳින්න.
    2 තිමෝති 1:8
  • මේ දේවල් සියලු ආකාර බලය ඇතුව කියා, අවවාදකොට, තරවටුකරන්න. කිසිවෙකුට නුඹ සුළුකොට සිතන්ට ඉඩනාරින්න.
    තීතස් 2:15
  • නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.
    1 පේතෘස් 2:12