හිමිකම් පෑම


  • නැගිට දේශයෙහි දිගටත් හරහටත් යන්න; මක්නිසාද ඒක ඔබට දෙන්නෙමියි කීසේක.
    උත්පත්ති 13:17
  • බලව, මම ඔබ සමඟ සිටිමි, ඔබ යන සියලු තැන්හිදී ඔබ ආරක්ෂාකර නැවත මේ දේශයට ඔබ පමුණුවන්නෙමි; මක්නිසාද මා විසින් ඔබට කී දෙය සිදුකරන තුරු ඔබ අත් නොහරින්නෙමියි කීසේක.
    උත්පත්ති 28:15
  • බලව, මාර්ගයෙහි ඔබ ආරක්ෂාකරන පිණිසද මා විසින් පිළියෙළකළ ස්ථානයට ඔබ පමුණුවන පිණිසද ඔබට පෙරටුව දූතයෙකු යවමි.
    නික්මයාම 23:20
  • දැන් ඔබ ගොස් මා විසින් ඔබට කී ස්ථානයට සෙනඟ ගෙනයන්න. බලව, මාගේ දූතයා ඔබට පෙරටුව යන්නේය, එහෙත් මා විසින් ප්‍රතිඵල දෙන දවසේදී ඔවුන්ගේ පාපය ගැන ඔවුන්ට දඬුවම් කරන්නෙමියි මෝසෙස්ට කීසේක.
    නික්මයාම 32:34
  • උන්වහන්සේද: මම්ම ඔබ සමඟ ගොස් ඔබට නිවාඩු දෙන්නෙමියි කීසේක.
    නික්මයාම 33:14
  • උන්වහන්සේද: මම්ම ඔබ සමඟ ගොස් ඔබට නිවාඩු දෙන්නෙමියි කීසේක.
    ලෙවී කථාව 25:23
  • ඔබ සැමගේ පා තබන සියලු තැන් ඔබ සැමට වන්නේය. ඔබ සැමගේ සීමාව කාන්තාරය හා ලෙබනොන් සිට ප්‍රාත් ගඟ පටන් පශ්චිම මුහුද දක්වාම වන්නේය.
    ද්වීතීය කථාව 11:24
  • ඔබ ඇතුළට එන කල්හිද පිටතට යන කල්හිද ආශීර්වාද ලද්දෙක් වන්නෙහිය.
    ද්වීතීය කථාව 28:6
  • උන්වහන්සේ විශාල ස්ථානයකට මා ගෙනාසේක. උන්වහන්සේ මා කෙරෙහි ප්‍රසන්නවූ බැවින් මා මිදූසේක.
    2 සාමුවෙල් 22:20
  • මාගෙන් ඉල්ලව, එවිට ඔබේ උරුමයට ජාතීන්ද ඔබේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි.
    ගීතාවලිය 2:8
  • ඔව්හු ජාතියකින් ජාතියකටත් එක රාජ්‍යයකින් තවත් සෙනඟක් වෙතටත් ගියෝය. උන්වහන්සේ ඔවුන්ට අයුත්තක් කරන්ට කිසිවෙකුට අවකාශ නුදුන්සේක; එසේය, ඔවුන් ගැන රජුන්ට තරවටුකරමින්: මාගේ අභිෂේකලද්දවුන්ට අත නොගසව්, මාගේ අනාගතවක්තෘවරුන්ට හිංසා නොකරව්යයි කීසේක.
    ගීතාවලිය 105:13-15
  • එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් මුදාගත්සේක. වාසයකිරීමට යෝග්‍යවූ නුවරකට පැමිණෙන පිණිස උන්වහන්සේ හරි මගකින් ඔවුන් ගෙනගියසේක.
    ගීතාවලිය 107:6, 7
  • එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් පිටතට ගෙනෙනසේක. උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චල වන ලෙස කුණාටුව සන්සිඳවනසේක. එවිට නිශ්චලයක්වූ බැවින් ඔව්හු සන්තෝෂවෙති; උන්වහන්සේද රිසිවූ වරායට ඔවුන් පමුණුවනසේක.
    ගීතාවලිය 107:28-30
  • දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ ඔබේ යාම ඊම ආරක්ෂාකරනසේක.
    ගීතාවලිය 121:8
  • මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්; එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නෝය.
    ගීතාවලිය 139:9, 10
  • නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.
    යෙසායා 30:21
  • මම නුඹට පෙරටුවෙන් ගොස් රළු තැන් සමතලාකොට, පිත්තල දොරවල් බිඳ දමා, යකඩ අගුල් කපාදමන්නෙමි. නුඹේ නම කියා නුඹ කැඳවාගන්නේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම බව නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිධානද නුඹට දෙන්නෙමි.
    යෙසායා 45:2, 3
  • එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: මා විසින් ජාතීන් අතරට ඔවුන් එළවා, දුර දේශවල ඔවුන් විසිරෙවු නුමුත්, ඔවුන් පැමිණ සිටින දේශවලදී මම ස්වල්ප කලකට ඔවුන්ට ශුද්ධස්ථානයක් වන්නෙමියි කීසේක.
    එසකියෙල් 11:16
  • ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.
    ශු. මතෙව් 7:7
  • ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවනු ලැබූ කල තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්ට තිබුණු ස්ථානයකට පිටත්ව යන හැටියට කීකරුවී, තමා කොතැනට යනවාදැයි නොදැන පිටත්ව ගියේය.
    හෙබ්රෙනව් 11:8