ගීතාවලිය 114

ඉශ්‍රායෙල් මිසරයෙන්ද යාකොබ්ගේ වංශය අන්‍ය භාෂාවක් ඇති මනුෂ්‍ය ජාතියකින්ද නික්ම ගිය කල
2 යූදා උන්වහන්සේගේ ශුද්ධස්ථානය විය, ඉශ්‍රායෙල් උන්වහන්සේගේ රාජ්‍යය විය.
3 මුහුද ඒ දැක පලාගියේය; යොර්දාන් ගඟ ආපසු හරවනු ලැබුවාය.
4 කඳු බැටළුවන් මෙන්ද කුඩා හෙල් බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළියෝය.
5 එම්බා මුහුද, ඔබ පලායන්නෙත්, යොර්දාන, ඔබ ආපසු හැරෙන්නෙත් ඔබ සැමට කුමක් වෙලාද?
6 එම්බා කඳු, ඔබ සැම බැටළුවන් මෙන්ද කුඩා හෙල්, ඔබ සැම බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළින්ගේ ඔබ සැමට කුමක් වෙලාද?
7 එම්බා පොළොව පර්වතය දිය පොකුණක්ද ගිනිගල දිය උල්පතක්ද කළාවූ
8 ස්වාමීන් ඉදිරියෙහි, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි, වෙවුලව.